Monday, May 6, 2024

General line - 0115112241

රනිල් හා එජාප මන්තී‍්‍රවරුන් අතර හමුවක්




එක්සත් ජාතික පක්‍ෂයේ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු අතර හමුවක් සිරිකොත මූලස්ථානයේදී අද පැවැත්වුණා.

ඉකුත් ජනාධිපතිවරණයේදී ලැබූ පරාජයට හේතු මොනවා දැයි එහිදී සාකච්ඡුා කෙරුණු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම පැවසුවේ.


එක්සත් ජාතික පක්‍ෂයේ සෙසු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද ඉදිරියේදී කොටස් වශයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කරනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.