Saturday, May 4, 2024

General line - 0115112241

විපක්ෂනායක ධූරය ගැන කථානායකගෙන් එජාපයට ලිපියක්




පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 57 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් කථානායකවරයා වෙත ලැබී ඇතැයි කථානායක මාධ්‍ය අංශය පවසනවා. 

මෙම ලිපිය ඊයේ (27) පස්වරුවේ කථානායකවරයා වෙත ලැබුණු බවයි කථානායක මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ. 

ඊට අදාළව කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ, මෙම ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ස්ථාවරය කුමක් දැයි නිල වශයෙන් දැනුම් දෙන ලෙස ඉල්ලීමක්ද කරමින්.