Sunday, May 5, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩිකාවන් සාග් පිටිය හොල්ලයි




13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මාලදිවයින සමග අද පැවති විස්සයි විස්ස කි‍්‍රකට් තරගයේදී වාර්තා පිට වාර්තා පිහිටුවීමට ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 2 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 279 ක්. නායක හර්ෂිතා මාධවී පන්දු 47කදී නොදැවී ලකුණු 106 ක් රැස් කළා.

ඒ, හතරේ  පහර 15 ක් සහ හයේ පහර 3 ක්ද සමගයි. සත්‍යා සංදීපනී පන්දු 48 කදී නොදැවී ලකුණු 96 යි. ඇයගේ ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා එක්ව 3 වන කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු 221 ක සබදතාව විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් තරගයකදී  ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ 2 වන ඉහළතම ලකුණු සබදතාව වනවා.

එමෙන්ම 3 වන කඩුල්ල සදහා විස්සයි විස්ස කාන්තා තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා අතරට එක්වුණා.

මෙම තරගයේ පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ මාලදිවයින් කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 5 කදී සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 30 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 249 ක ජයක් හිමි වුණා. මෙය විස්සයි විස්ස කාන්තා තරගයක දී වාර්තා වූ 3 වන විශාලතම ජයග‍්‍රහණයයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයේදී වාර්තා කළ ලකුණු 279 විස්සයි විස්ස කාන්තා කි‍්‍රකට් පිටියේදී වාර්තා වූ 3 වන ඉහළම ලකුණු සංඛ්‍යාවයි.