Sunday, May 5, 2024

General line - 0115112241

මහ මැතිවරණයට පෙර මැතිවරණ නීතියට සංශෝධන ගෙන එන්නැයි කොමිසමෙන් ඉල්ලීමක්




මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් අතර සාකච්ඡුාවක් අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වුණා.

එළඹෙන මහ මැතිවරණය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ගැණුනු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ.

මාර්තු මස මුල් භාගයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අපේ‍්‍රල් මස අගදී මැතිවරණය පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අපේක්‍ෂකයන්ගේ වියදම් සීමා කිරීම, ඇප මුදල් වැඩි කිරීම සහ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ආසන්නතම මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකි පරිදි පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ නියෝජිතයන් වෙත මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම සංශෝධන එළඹෙන මහ මැතිවරණයේදී කි‍්‍රයාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදෙන ලෙසද මැතිවරණ කොමිසම දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.