Friday, May 10, 2024

General line - 0115112241

මාදම්පේ වැවේ ජලජ ශාක ඉවත් කරන්න තරුණයන් පෙරමුණ ගනී




මාදම්පේ වැව තුළ පැතිර ඇති සැල්වීනියා ඇතුළු අනෙකුත් ජලඡ ශාක ඉවත් කිරීමට එම ප‍්‍රදේශයේ තරුණයින් පිරිසක් ස්වේච්ඡවෙන් ඉදිරිපත්ව සිටිනවා.

අක්කර 300 ක පමණ විශාලත්වයකින් යුත් මාදම්පේ වැව යටතේ කුඹුරු අක්කර 900 කට පමණ ජලය සැපයෙනවා.

සැල්වීනියා ඇතුළු ජලඡ ශාක පැතිර යාම හේතුවෙන් මාදම්පේ වැව පසුගිය කාලසීමාව තුළ විනාශයට පත් වුණා.

රජය විසින් අවස්ථා කිහිපයකදී වැවේ ජලඡ ශාක ඉවත් කිරීම සදහා මුදල් වෙන් කළද එම අවස්ථා කිහිපයේදීම විධිමත් පරිදි එම කටයුතු සිදු වූයේ නැහැ. වැව පිරිසිදු කිරීම සදහා ඉදිරිපත්ව සිටින තරුණ කණ්ඩායමේ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙලෙසයි.  
 

මේ අතර වව්නියාව නගරය අලංකරණය කිරීමට එම ප‍්‍රදේශයේ තරුණයන් පිරිසක් මූලිකත්වය ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ වව්නියා ප‍්‍රදේශයට ඇදහැළෙන වර්ෂාව මධ්‍යයේ නගරයේ අලවා තිබූ සියළු පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතු එම තරුණයන් විසින් ආරම්භ කර ඇති බවයි.

ඉන් අනතුරුව නගරයේ තෝරාගත් බිත්ති චිත‍්‍රවලින් අලංකාර කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. මෙම වැඩසටහනට මූලිකත්වය ගෙන ඇත්තේ ‘‘වන්නියේ තරුණයෝ’’ නමැති සංවිධානයක්.

වව්නියාව පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන්ද ඔවුන්ට සහය ලබාදෙනවා.