Saturday, May 4, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත සිද්ධිය ගැන ආණ්ඩුව, රාජිතගෙන් ප‍්‍රකාශයක් ගැනීමට සැරසෙයි




මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යයාලයේ නිලධාරිනියක පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ද ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට ද තීරණය කළ බව රජය පවසනවා.

ඒ, මෙම සිදුවීම පිළිබදව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉකුත්දා මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශය සම්බන්ධවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙම සිද්ධියේ විමර්ශන කටයුතු පිළිබදව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් මාධ්‍යවේදීන් මෙලෙස විමසීමක් කළා.
 

මෙම සිදුවීම පිළිබද සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද මෙහිදී අදහස් පළ කළා.
 

මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යයාලයේ නිලධාරිනියක පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මීගමුවේදී අද මෙලෙස අදහස් පළ කළා.