Saturday, May 4, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව රාජ්‍ය 02 ක් කිරීමේ බි‍්‍රතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ ප‍්‍රතිපත්තියට අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ විරෝධය




ශී‍්‍ර ලංකාවට රාජ්‍ය දෙකක විසදුමක් ලබා දිය යුතු බවට බි‍්‍රතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂය ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අස්ගිරි සහ මල්වතු නාහිමිවරු අද විරෝධය පළ කරනවා.

බි‍්‍රතාන්‍යයේ ඉදිරි මහ මැතිවරණයේදී වාසි ලබා ගැනීමේ අරමුණින් එම පක්ෂය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට මෙය ඇතුළත් කර ඇති බවයි මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් සදහන් කළේ. 
 

යළි මෙරට තුළ යුධ තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණින් බි‍්‍රතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂය එවැනි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බවයි අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප‍්‍රකාශ කළේ.