Sunday, May 5, 2024

General line - 0115112241

සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට




අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන නෝර්වීජියන් ජෙඞ් නෞකාව අද (08) පළමු වරට කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂවරයා සහ නෞකාවේ කපිතාන්වරයා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු කෙරුණා. 

එහිදී අදහස් දක්වමින් වරාය අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ උපාලි ද සොයිසා සඳහන් කළේ අන්තර්ජාතික ක්වන්ටාස් සංචාරක සඟරාව විසින් ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්ත හතරෙන් එකක් ලෙස නම් කර ඇති අවස්ථාවක මෙම නෞකාව පැමිණීම අගය කරන බවයි. 

2006 වසරේදී මගී ප්‍රවාහනය සඳහා දියත් කළ නෝර්වීජියන් ජෙඞ් නෞකාවේ, වරකට පුද්ගලයින් 3,509 දෙනෙකුට ගමන් කළ හැකි අයුරින් පහසුකම් සලසා තිබෙනවා.