Monday, May 6, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ප්‍රාදේශීය වාර්තාකරුට පහරදුන් පුද්ගලයින් සොයා දිගටම පොලිස් පරීක්ෂණ

ජයකාන්ත ලියනගේ




නෙත් එෆ් එම් අළුත්ගම ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර ද සිල්වාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් 02 ක් යොදවා ඇති බවයි අළුත්ගම පොලිසිය පැවසුවේ. 
සිද්ධියට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

පෙරේදා පස්වරුවේ සිදු වූ මෙම පහර දීමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර ද සිල්වා, කළුතර නාගොඩ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. සැකකරුවන් අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි හදුනාගෙන ඇත්තේ.