Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ B වාට්ටුව ඉහළ අහසේ සැරිසැරූ ඩ්‍රෝන යානය කඩා වැටේ




කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට ඉහළ අහසේ සැරිසැරූ ඩ්‍රෝන යානයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මූලික පරීක්ෂවලදී අනාවරණ වී ඇත්තේ කිසිඳු අවසරයකින් තොරව මෙම ඩ්‍රෝන යානය ගුවන් ගත කර ඇති බවයි.

පසුව යානය කඩාවැටී තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ බී වාට්ටුව අසලට එම ඩ්‍රෝන යානය කඩා වැටී ඇති බවයි.

අද (09) උදෑසන 06.00 ට පමණ මෙම සිද්ධිය වාර්තා වූ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.