Friday, May 10, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත නිලධාරිනිය ප්‍රකාශයක් දීමට යළි CID යට (UPDATE)




පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනිය ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනයටත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා.

...................................................................

ස්විස්ටර්ලන්ත නිලධාරිනියගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි : පැය 09ක ප්‍රකාශයක් ගත් බව CIDය දැනුම් දෙයි 

(09-12-2019 12:25)

පැහැර ගැනීමට ලක්වූ බවට ප්‍රකාශ කළ මෙරට පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට පනවා තිබු විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 12 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) නියෝග කළා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අදාළ ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනිය ගෙන් පැය 09ක ප්‍රකාශයක් ලබා ගත් බවයි.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සඳහන් කලේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් එම නිලධාරිනිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් වෙත යොමු කොට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසයි. 

ඊයේ දිනයේදී මෙම නිලධාරිනිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් වෙත යොමු කළත් එහි කාන්තා වෛද්‍යවරියක් නොසිටීම හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීමට අකමැත්ත ප්‍රකාශ කළ බවට මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකොට එම වාර්තාව මේ මස 12 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කර සිටියා.

මේ අතර පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ‍්‍රැන්සිස් සහභාගී වන බවට දන්වා තිබූ මාධ්‍ය හමුවක් හදිසියේ අවලංගු කර තිබෙනවා. මෙම මාධ්‍ය හමුව පවත්වන බවට දැනුම් දී තිබුණේ කොළඹ පිහිටි ඇයගේ නිවසේදීයි. ඒ අනුව මාධ්‍යවේදීන් එම නිවසට ගියද, ඇය මාධ්‍ය වෙත ප‍්‍රතිචාර දක්වා නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. නිවසේ දොරගුළු ලා තිබූ බවට ද වාර්තා වුණා.