Thursday, September 19, 2024

General line - 0115112241

ලිබියානු අයි එස් ඉලක්කවලට අමෙරිකානු ගුවන් ප‍්‍රහාර




ලිබියාවේ අයි එස් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකානු ගුවන් හමුදාව ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ලිබියානු අග‍්‍රාමාත්‍ය ෆයිස් සරාජ් කියා සිටියේ මෙම ප‍්‍රහාරයෙන් බරපතල හානි සිදුව ඇති බවයි.

ලිබියාවේ අයි එස් ඉලක්ක වෙත අමෙරිකානු ගුවන් හමුදාව ප‍්‍රහාරයක් එල්ල කළ 3 වන අවස්ථාව මෙය වනවා.

ඉකුත් පෙබරවාරි මාසයේදි සහ නොවැම්බර් මාසයේදී මෙවැනි ප‍්‍රහාරය එල්ල කෙරුණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.