ඉකුත් දා පැවැති බ්‍රිතාන්‍ය මහමැතිවරණයේදී ලද පරාජය සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් සිය පාක්ෂිකයින්ගෙන් සමාව අයැද තිබෙනවා.
එරට ප්‍රධාන පුවත්පත් දෙකක් වෙත ලිපි යොමුකරමින් ජෙරමි කෝබින් පවසන්නේ ලද පරාජය හා එහි වගකීම තමන් භාරගන්නා පක්ෂයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීමෙන් පසු තමන් සිය තනතුරෙන් ඉවත් වන බව ද ජෙරමි කෝබින් පැවසුවා. කම්කරු පක්ෂ ක්‍රියාකාරිනියන් වන ලීසා නැන්ඩි සහ ජෙස් ෆිලිප්ස් මේවනවිටත් පක්ෂ නායකත්වය සඳහා තරග වැදීමට ඉදිරිපත්ව සිටිනවා.