Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්දියාවේ පැතිරෙන විරෝධතා ගැන මෝදිගෙන් ප්‍රකාශයක්




ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව විරෝධතා දැක්වීම එරට අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔහු අවධාරණය කරන්නේ නව නීතිය හරහා හින්දු, සික්, මුස්ලිම්, කතෝලික සහ බෞද්ධ ඇතුළු කිසිදු ඉන්දීය පුරවැසියෙකුට බලපෑමක් ඇති නොකරන බවයි.

තමාට එරෙහි විරුද්ධවාදීන් මෙම විරෝධතා පිටුපස සිටින බවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා චෝදනා කර තිබෙනවා. නව පනත හරහා සිදු කරන්නේ ඉන්දියානුවන්ට සිදුවන පීඩාවලින් ඔවුන් ආරක්‍ෂා කිරීම බවයි ඉන්දීය රජය පවසන්නේ. එහෙත් ඊට විරුද්ධවාදීන් පවසන්නේ මෙම පනත මුස්ලිම්වරුන් පහත් කිරීම සදහා හින්දු ජාතිකයින් සිදුකරන න්‍යාය පත‍්‍රයක කොටසක් බවයි.

ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව විරෝධතා මේ වනවිට රට පුරා පැතිරෙන තත්ත්වයක් මතු වී තිබෙනවා. ඉන්දියාවේ මෙම සංශෝධිත පුරවැසි පනත් කෙටුම්පත හරහා ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයෙන් හා පාකිස්තානයෙන් ඉන්දියාවට පැමිණ සිටින මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණියකයින්ට ද පුරවැසිභාවය හිමිවනු ඇති.