Thursday, May 2, 2024

General line - 0115112241

ලාංකිකයින් රවටන්න ඕස්ට්‍රේලියාව හැදු "හොර කේන්දරය"




නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන ශ්‍රී ලාංකිකයින් අධෛර්යමත් කිරීම සඳහා එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිදුකළ වැඩපිළිවලක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබෙනවා.

මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පුද්ගලයින් අධෛර්යමත් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව උපයෝගී කර ගනිමින් අසත්‍ය ලග්න පළාපළ අඩංගු දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරවීමට එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මෙම අසත්‍ය ලග්න පළාපල අඩංගු දැන්වීම මෙරට ජනතාව අධෛර්යට පත් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් මිට වසර 2-3ක කාලයක සිට යොදා ගෙන ඇති බවයි කරුණු හෙළිවී ඇත්තේ. මන්ද මෙරට බහුතර ජනතාව ලග්න පළාපල විශ්වාස කරන බැවින් ඒ හරහා ඔවුන්ගේ ගමන අධෛර්යමත් කිරීම ඕස්ට්‍රේලියානු රජයේ අරමුණවී ඇත.

යම් අයෙක් නීතිවිරෝධිව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නේ නම් ඔහුගේ දරුපවුල සදාකාලිකව ණය බරින් සිටින බවත්, පවුලේ ගැටළු ඇතිවීම, මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට රැගෙන එන ජාවාරම්කරුවන් ඔබව අතරමං කරනු ඇති යනුවෙන් එම අසත්‍ය ලග්න පළාපල සහිත දැන්වීමේ කරුණු පළකර ඇත.

ගතවූ කාල සීමාවේදී නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ කිසිදු යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ නැති බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.