Tuesday, May 7, 2024

General line - 0115112241

මුෂාරෆ් මියගියහොත් මළ සිරූර දින 03ක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්න : අධිකරණය දන්වයි 




ව්‍යවස්ථාව කඩකරමින් කටයුතු කළ පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට පනවා තිබෙන මරණ දඬුවමට පෙර යම් හෙයකින් ඔහු මියගිය හොත්, ඔහුගේ සිරූර රැගෙනවිත් දින තුනක් පාර්ලිමේන්තුව ඉදිරියේ එල්ලා තබන්නැයි එරට විශේෂ මහාධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

2007 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයකින් පාලන බලය අල්ලා ගනු ලැබූ ජනරාල් ෆර්වේස් මුෂාරෆ් පකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා එරට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

මේ වන විට හිටපු ජනාධිපතිවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඩුබායි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පනවා තිබෙන දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ගේ නීතිඥයින් ප්‍රකාශ කර සිටිනවා.

මිට පෙර අවස්ථාවකදී ද පුද්ගලයින් රැසක් ඝාතනය කළ චුදිතකයෙක්ට එරෙහිව එරට විශේෂ මහාධිකරණයක් මගින් මරණ දඬුවම ලබාදුන් අතර ඔහුව එල්ලා මැරීමෙන් පසුව සිරූර කොටස් 100 කට කැඹීලි කොට ඔහු ඝාතනය කළ පුද්ගලයින්ගේ පවුල් වෙත ලබාදෙන ලෙස නියෝග කර තිබුණා. නමුත් මේ දක්වා එම දඬුවම ක්‍රියාත්මක නොවූ බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.