Thursday, May 9, 2024

General line - 0115112241

බොල්ගොඩ ගඟේ ගුවන් හමුදා සෙබළෙකුගේ මළ සිරුරක්




බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබු මළ සිරුරක් පානදුර හොරෙයිතුඩුව ප‍්‍රදේශයේදී අද (02) ගොඩගැනුනා.

මියගොස් ඇත්තේ රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා නිලධාරියෙකු බවයි හඳුනාගෙන තිබෙන්නේ.

38 වැනි වියේ පසුවන ඔහු දෙදරු පියෙකු බවද අනාවරණ වී තිබෙනවා. ඔහු ළඟ තිබී ජංගම හැඳුනුම්පත් දෙකක්ද හමුවූ බවයි පොලීසිය පවසන්නේ.

ඒවායින් එක් හැඳුනුම්පතක්, ඔහුගේම වන අතර අනෙක් හැඳුනුම්පත ඔහුගේ බිරිඳගේ වනවා. බිරිඳ ද මීට වසරකට පමණ පෙර මියගොස් තිබෙන බවයි වැඩිදුර විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ.