Wednesday, May 8, 2024

General line - 0115112241

පාලනය කළ නොහැකි ලෙස පැතිර යන ලැව්ගිනි කැන්බරා අගනුවරටත් බලපෑම් කරයි




පාලනය කළ නොහැකි අන්දමින් පැතිර යන ලැව්ගිනි හමුවේ  ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා අගනුවරට ද බලපැම් එල්ල වෙමින් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පවතින ලැව්ගිනි වලින් පිටවන දුමාරය කැන්බරා අගනුවර පුරාද විහිදී පවතින බවයි. ඒ හමුවේ කැන්බරාහිදී ඊයේ (21) පැවැත්වීමට නියමිතව තිබූ කි‍්‍රකට් තරගයක් ද අවලංගු කළා.

කී‍්‍රඩාංගනය පුරා පැතිර තිබූ දුමාරය සහ වායුවේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවීමට විනිසුරුවරුන් තීරණය කර තිබුණා.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී ආරම්භ වුණු මෙම ලැව්ගිනි මේ වනවිට ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත 03 ක් පුරා අතිශය දරුණු ලෙස පැතිර පවතිනවා.

ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්සවුත් වේල්ස් ප‍්‍රාන්තයටයි. ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර හාරලක්ෂ 60,000 ක් පමණ මේවනවිට සම්පූර්ණයෙන් දැවී ගොස් අවසන්.

විනාශයට පත්ව ඇති නිවාස ගණන 700 ක් පමණ වනවා. ගිනිගැනීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.