Friday, May 3, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු අගමැති සමාව ඉල්ලයි




රට දැඩි ව්‍යවසනකාරී තත්ත්වයක පවතින අවස්ථාවක නිවාඩුවක් ගත කිරීම සඳහා තමන් රටින් පිටව යාම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එරට වැසියන්ගෙන් සමාව අයැද සිටිනවා.

පාලනය කළ නොහැකි ලැව්ගිනි තත්ත්වයකින් ඕස්ටේ‍්‍රලියාව ආපදාවට පත්ව තිබියදී අග‍්‍රාමාත්‍යවරයා ඉකුත් දා සිය පවුලේ සාමාජිකයින් සමග හවායි දූපත්වල සංචාරයකට ගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාට දැඩි විවේචන එල්ල වූ අතර ලැව්ගිනි පාලනය සඳහා රජයෙන් නිවැරදි නායකත්වයක් නොලැබුණු බවටයි චෝදනා එල්ල වුණේ. 

ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඕස්ටේ‍්‍රලියාව යන ප‍්‍රාන්තවල මේ වනවිට ලැව්ගිනි පැතිර පවතින අතර එම ප‍්‍රාන්තවලට යාබද  සියලූ ප‍්‍රදේශ මේ වනවිට දුමාරයකින් වැසී පවතිනවා. ඇතැම් ප‍්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ටේ‍්‍රලියාවේ නිව්සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ පවතින මෙම ආපදා තත්ත්වය පිළිබඳ එහි සිටින ශ‍්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක දිල්හාර ලොකුහෙට්ටිගේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පරිසරයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් ජනතාවට දැඩි අපහසුතා ඇති වී තිබෙන බවයි.