Friday, May 3, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය යළි හිටපු ජනපතිට




අශ්රෆ් ගහානි දෙවන වරටත් ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නියමිතයි. ඒ, ඉකුත් සැප්තැම්බර් මාසයේ පැවැති එරට ජනාධිපතිවරණයේ මේවනවිට නිකුත් වෙමින් ඇති ප්‍රතිපල අනුවයි. නිකුත් වී ඇති ප්‍රතිපලවලට අනුව ඉදිරියෙන් පසුවන්නේ ජනාධිපති අශ්රෆ් ගහානි. ඔහු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 50.64 ක්.

නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිපලවලට එරෙහිව රට තුළ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් අවසන් ඡන්ද ප්‍රතිපලය නිකුත් කිරීම ප්‍රමාද වනු ඇති බවයි පැවසෙන්නේ.

ජනාධිපති අශ්රෆ් ගහානිගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වූ අබ්දුල්ලා අබ්දුල්ලා සියයට 39.52 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන සිටිනවා. නිකුත් වී ඇති ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන අබ්දුල්ලා පවසන්නේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීමට පෙර අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.