Sunday, May 5, 2024

General line - 0115112241

අනතුරට පත්වූ සන්දීප්ට එරෙහිව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්




පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත පවසනවා. ඒ, මහනුවර අද (22) පැවති හමුවකදීයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරියේ සිදුවූ රිය අනතුරේදී තුවාල ලැබූ සන්දීප් සම්පත් තරුණයාට එරෙහිව ද පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ජාතික හෙළ උරුමයේ කඩුවෙල නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ විසින්. සාමාන්‍ය මාර්ගයක ධාවනය කිරීමට අවසර නොමැති යතුරු පැදියක් ධාවනය කිරීම හා රාජ්‍ය දේපළ වලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මුල් කරගනිමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

අදාළ සිද්ධිය පාදක කරගනිමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.