Friday, May 3, 2024

General line - 0115112241

IS යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා




IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවයි. 

මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාර හමුවේයි. එම ප‍්‍රහාර හේතුවෙන් IS සංවිධානය යම් පසුබෑමකට ලක්වුවත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවූයේ නැහැ.  

ඒ අනුව යම් නිහඬතාවක පසුවූ IS සංවිධානය යළිත් ඉරාකය තුළ ප‍්‍රහාර දියත් කරමින් සිටින බවයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ. එසේම මේ වනවිට IS සටන්කරුවන් බොහෝසෙයින් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් අල්කයිඩා සංවිධානයට වඩා අතිශය භයානය බවත්, ඉරාක බුද්ධි අංශ අනාවරණ කරනවා.

IS සංවිධානය මේ වනවිට ආයුධ, තාක්ෂණය, උපාය මාර්ග, රථවාහන හා මූල්‍යමය අතින් ශක්තිමත් වී සිටින බවයි බුද්ධි අංශ වාර්තා වැඩිදුරටත් අනාවරණ කර ඇත්තේ.