Thursday, May 2, 2024

General line - 0115112241

මාධ්‍යවේදියාගේ ඝාතනයට පස් දෙනෙකුට මරණ දඬුවම 




මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කළ බව සෞදි අරාබි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම මෙම ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකුට වසර 24ක් බැගින් සිර දඬුවම් නියම කර ඇති බවයි රජයේ නීතිඥවරයා වදිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි අරාබි කොන්සියුලර් කාර්යාලය තුලට සිය අවශ්‍යතාවයක් සඳහා ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය කරනු ලැබුවේ එම තානාපති කාර්යාලය තුලම සිටි සෞදි රජයට සම්බන්ධ පිරිසක් විසින් බව හෙළිවුණා. ඒ ලොව පුරා ඇතිවූ දැඩි විරෝධතා හමුවෙයි.

ජමාල් කෂෝගී සෞදියේ ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් සහ එරට රජ පවුල සම්බන්ධයෙන් මතභේදාත්මක පුවත් පළකෙරු මාධ්‍යවේදියෙක් වන අතර පසුව ඔහු ජීවිතාරක්ෂාව පතා අමෙරිකාවට පළා ගියා. ජමාල් කෂෝගී ඝාතනයට ලක්වන විටත් අමෙරිකාවේ වොෂින්ටන් පොස්ට් පුවත් පතේ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරමින් සිටියා.

හිටපු සෞදි රාජකීය උපදේශකයෙකු වන සෞඩ් අල්-කහතානි සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනය සිදුකරනු ලැබුවත් ඔහු සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමක් සිදුනොකළ බවයි සෞදි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සිදුවුයේ සෞදියේ ඔටුන්න හිමිකුමරු වන මොහොමඩ් බින් සල්මාන් ගේ අණ කිරීම මත අමෙරිකානු CIA සංවිධානය ප්‍රකාශ කර සිටියා.