Thursday, May 2, 2024

General line - 0115112241

බාබා වැන්ගා 2020 වසර ගැන කියූ අනාවැකිය




2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.

2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ලවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළකරනු ලැබූ බල්ගේරියානු ජාතික අන්ධ අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් සිදුකර තිබු අතර ඇය මේ දක්වා සිදුකළ අනාවැකි පළකිරීම් කිසිවක් මේ දක්වා වැරදි ගොස් නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2020 වර්ෂයේදී බාබා වැන්ගා පළකර ඇති අතර තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදුකරනු ලබන රසායනික අවි ප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. බාබා වැන්ගා 1996 වර්ෂයේ දී මිය ගියද ඇගේ අනාවැකි 5079 වර්ෂය දක්වා දිව යන අතර ඇය විසින් 2020 වර්ෂය සඳහා සිදුකර ඇති පුරෝකථනයන්ට අනුව ධවල ​​මන්දිරය, ක්‍රෙම්ලිනය (රුසියාව) සහ යුරෝපයේ ජනතාවට දැඩි කණසල්ලු භාවයක් ඇතිවන වසරක් බවට අනාවැකි පළකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපතිවරයාට මොලේ ගෙඩියක් හට ගැනීමෙන් ඔහුව බිහිරි භාවයට පත්වනු ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ මරණය පවා සිදුවෙනු ඇති බවයි බාබා වැන්ගා සිය අනාවැකිය හරහා පුරෝකථනය කර ඇත්තේ. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාට ක්‍රෙම්ලිනය තුලදීම එල්ලවන ඝාතන ප්‍රයත්නයෙන් ඔහුට දිවි ගලවා ගැනීමට හැකිවනු ඇත්ද යන්න බාබා වැන්ගා සිය අනාවැකියේ සඳහන් කර නොමැත.

එමෙන්ම ඉස්ලාමිය අන්තවාදීන් යුරෝපය සිය ග්‍රහණයට නතු කර ගැනීමට 2020 වර්ෂයේදී කටයුතු කරන අතර දැවැන්ත රසායනික අවි ප්‍රහාරයක්ද එල්ලවනු ඇති බවට සඳහන් කර ඇත.

2028 වන විට ලොව පුරා දරුණු සාගත තත්ත්වයක් ඇතිවීම, වර්ෂ 2256 වන විට අඟහරු ග්‍රහයා මත ජනාවාස පිහිටුවීම සහ එහි න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම හා වසර 2341 වන විට පෘථිවිය ජනාවාස සඳහා සුදුසු නොවන බවට ද බාබා වැන්ගා සිය අනාවැකි පළකිරීම් වලදී සඳහන් කර ඇත.