Monday, April 29, 2024

General line - 0115112241

ඉස්ලාමිය අන්තවාදීන්ගේ ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඇතුළු 42ක් මරුට 




බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන  බුර්කිනා ෆාසෝ හි පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමිය අන්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් කාන්තාවන් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ප්‍රහාරය ඊයේ (24) එල්ලවී ඇත.

මෙම ප්‍රහාරයේදී ඉස්ලාමිය අන්තවාදීන් 80 දෙනෙකු ඝාතනය කිරීමට බුර්කිනා ෆාසෝ හමුදා භට පිරිස් සමත්ව ඇති අතර ගැටුමෙන් හමුදා නිලධාරීන් 07 දෙනෙකුද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇතිවූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් ශෝකය පළකිරීම උදෙසා ජනාධිපති රොච් මාක් ක්‍රිස්ටියන් කබොරේ විසින් දින 02 ක ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

බටහිර අප්‍රිකාව තුල වර්ධනය වෙමින් පවතින අන්තවාදී සටන්කාමින් මර්ධනය කිරීමට බටහිර රටවල් විසින් අඛණ්ඩව සහය දක්වමින් සිටියත් ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීමට අපහසුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.