Monday, April 29, 2024

General line - 0115112241

කසකස්තාන ගුවන් අනතුරෙන් 16 කට දිවි අහිමි වෙයි




කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩාවැටී සිදුවූ අනතුරෙන් ළමුන් 06 දෙනෙකු ද ඇතුළ්ව පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් 22 දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව සඳහන්. 

කසකස්තානයේ විශාලතම නගරය වන අල්මාටි ගුවන් තොටුපළේ සිට නර්සුල්තාන් අගනුවර වෙත පියාසර කිරීමට ගමන් ඇරඹූ ගුවන් යානය සුළුවේලාවකින් අනතුරුව කඩාවැටී කොන්ක්‍රීට් බැම්මක ගැටීමෙන් පසු දෙමහල් ගොඩනැගිල්ලක් මතට වැටී තිබෙනවා. යානය අනතුරට පත්වුවත් යානය ගිනිගැනීමකට ලක්ව තිබුණේ නැහැ.

අනතුරට පත්වන අවස්ථාවේදී ඒ අවට ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් පැවැති බවයි ගුවන් තොටුපළ බලධාරීන් පවසන්නේ. කෙසේවෙතත් යානය අනතුරට පත්වූ හේතුව මෙතෙක් හෙළි වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.