Sunday, May 5, 2024

General line - 0115112241

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු




ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ මාරුකර ඇත්තේ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. 

දකුණු පළාත හා සබරගමුව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කේ ඊ ආර් එල් ප්‍රනාන්දු මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ජී එන් ජයවර්ධන පොලිස්  මූලස්ථානයේ සිට මාරු කර ඇත්තේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. 
නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එල් එස් පතිනායක සබරගමුව පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. 

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. 

එමෙන්ම පරිසර ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ආර් එම් එන් ජී ඕ පෙරේරා මාරුකර ඇත්තේ නුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. මූල්‍ය අපරාධ විමර්ශන හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පී කේ ඩී ප්‍රියන්ත මාරුකර ඇත්තේ වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. ප්‍රවාහන සහ සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව් එම් එම් වික්‍රමසිංහ මාරුකර ඇත්තේ දුක්ගැනවිලි විසඳුම් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

මෙම ස්ථාන මාරුවීම්වලට අදාළ සම්පූර්ණ ලේඛණය පහතින් :