Sunday, May 5, 2024

General line - 0115112241

වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ විශාල වෙනසකට ජනපති ගෝඨාභයගෙන් උපදෙස්




වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ පුනරුදයක් ඇතිකොට ඉහළ නිපුණතාවයෙන් යුත් ශ‍්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළඳපොලට හඳුන්වාදීමේ වගකිම් ඉටුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම ආයතන ප‍්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීයි.

දෙස් විදෙස් රැකියා වෙළඳපොල අධ්‍යයනය කරමින් එම අවශ්‍යතා සපුරාලිය හැකි පාඨමාලා හඳුන්වාදීම කඩිනම් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ. දිළිඳු ප‍්‍රජාව නගාසිටුවීමට ස්වයං රැකියා ආශ‍්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කර තිබෙනවා. 

රටේ වැදගත්ම ක්ෂේත‍්‍රය කෘෂිකර්මාන්තයයි. ඊට අදාළ උපාධි පාඨමාලා නොතිබීම ගැන අවධානය යොමුකළ ජනාධිපතිවරයා වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත‍්‍රයන් සේම, කෘෂිකර්මාන්තයේ ප‍්‍රවීණයන් සහ පර්යේෂකයන් ද රටට දැඩිව අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා. 

ගෘහ සේවය සඳහා විදෙස්ගතවන කාන්තාවන්ටද නිසි පුහුණුවක් ලබාදී වෘත්තීය ගරුත්වයක් ඇති ශ‍්‍රමිකයින් ලෙස රැකියා අවස්ථා උදාකළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.