Monday, April 29, 2024

General line - 0115112241

සෝමාලියාවේ මෝටර් රථ බෝම්බ පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 61 ක් දක්වා ඉහළට




සෝමාලියාවේ මොගඩිෂු අගනුවරදී මෝටර් රථ බෝම්බයක් පුපුරා යාමෙන් මියගිය පුද්ගලයින් ගණන 61 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.

මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ද විදෙස් වාර්තාවල සඳහන්. මොගඩිෂු අගනුවර පිහිටි මුරපළක් ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී  තිබෙනවා. 

...................................................................

සෝමාලියාවේදී මෝටර් රථ බෝම්බයක් පිපිරීමෙන් 30 දෙනෙකු මියයයි

(28-12-2019 14:00)

සෝමාලියාවේ මොගඩිෂු අගනුවරදී මෝටර් රථ බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් පුද්ගලයින් අතර ළමුන්ද සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප්‍රහාරයෙන් තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන්. විදෙස් වාර්තා පැවසුවේ අගනුවර ස්ථාපිත මුරපළක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු පාර්ශවයක් භාරගෙන නැහැ.