Monday, April 29, 2024

General line - 0115112241

විෂක් ශරීර ගතවීමෙන් ජිවිතක්ෂයට පත්වූ නාවික හමුදාවේ මැරීන් සෙබළා




ලොව වඩාත්ම කතාබහට ලක්වූ තායිලන්ත පාපන්දු කණ්ඩායම ගලවා ගැනීමේ මෙහෙයුමට සක්‍රිය දායකත්වය දැක්වූ එරට නාවික හමුදාවේ සෙබලෙක් එම මෙහෙයුම අතර තුරේදී ඇතිවූ රුධිර ආසාධනයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තායිලන්ත රාජකීය නාවික හමුදාවේ සීල් භටයෙක් ලෙස කටයුතු කළ Beirut Pakbara නම් නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ. ඔහුගේ ශරීරයේ ඇතිවූ රුධිර ආසාධනය හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවුවත් ඊයේ (27) ඔහු මියගොස් තිබෙනවා. මෙම නාවික හමුදා සෙබලාට එම රුධිර ආසාධනය ඇතිව ඇත්තේ ඉකුත් වසරේ තාම් ලුආන්ග් ගලවා ගැනීමේ මෙහෙයුමේදී බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මිට පෙර එම මෙහෙයුමට සම්බන්ධව සිටි නාවික හමුදාවේ තවත් නිලධාරියෙක් වන Saman Gunan නැමැත්තාද ජිවිතක්ෂයට පත්වුවා. ඒ දිය යටදී ඔක්සිජන් වායුව අවසන් වීමෙන්.

2018 වර්ෂයේ ජුනි මස 23 වෙනිදා තායිලන්තයේ සුප්‍රකට තාම් ලුආන්ග් ගුහාව නැරඹීමට ගිය 12 දෙනෙක් ගෙන් යුත් මෙම පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට දින 18 කට ආසන්න කාලයක් ගතවූ අතර එය ලොව වඩාත් කතාබහට ලක්වූ ගලවා ගැනීමේ මෙහෙයුම බවයි විදෙස් මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ.