Monday, April 29, 2024

General line - 0115112241

උරුගුවේ රාජ්‍යයෙන් ටොන් 06 ක කොකේන් සොයා ගැනේ




සගවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් උරුගුවේ බලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. සොයා ගැනුණු කොකේන් තොගයේ බර ටොන් 6 ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස සොයා ගැනුණු කොකේන් තොගය හේතුවෙන් එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැඩි පසුබෑමකට ලක්වෙනු ඇති බවයි පැවසෙන්නේ. 

උරුගුවේ මොන්ටිවීඩියෝ වරායේ තිබී කොකේන් ටොන් 4.4 ක් පළමුව සොයා ගෙන තිබුණා.  ඒ සෝයා පිටි ලෙස ඇසිරූ බහාලුම් 04 ක් තුළ තිබියදීයි. නාවික හමුදාව සහ රේගු නිලධාරීන් පිරිසක් විසින් කළ මෙහෙයුමකදී මෙම කොකේන් තොගය සොයා ගැනුනු බවයි විදෙස් වාර්තා පැවසුවේ. මෙම කොකේන් තොගය ටොගෝ රාජ්‍යයට පිටත් කර හැරීමට සූදානම් කර තිබූ බව ද සඳහන්.

ජාවාරම්කරුවන් විසින් සගවා තිබූ තවත් කොකේන් තොගයක් ගොවිපලකදී හමුවී තිබුණා. ඒ අනුව සොයා ගැනුනු කොකේන් තොගයේ මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් පමණ වන බවයි පැවසෙන්නේ. මෙම කොකේන් ජාවාරමේ ප්‍රධන සැකකරු සහ ඔහුගේ පුත්‍රයා යැයි පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකු ද එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා