Monday, April 29, 2024

General line - 0115112241

වික්ටෝරියා ප්‍රාන්තයට රතු නිවේදනයක් 




ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්ත්වයන් හේතුවෙන්. හෙට (30) දිනය වීමට පෙර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඉවත් වීමට කටයුතු කරන්නැයි එරට බලධාරීන් දහස් සංඛ්‍යාත පදිංචිකරුවන්ට දැනුම් දී ඇත්තේ.

හෙට දිනයේ කාලගුණික අනාවැකිය අනුව තද සුළං. අකුණු සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරණ බවත් එය වික්ටෝරියා ප්‍රාන්තයට ඉතා භයානක දිනයක් වෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවමින් සඳහන් කරන්නේ.

මේ වන විට ඕස්ට්‍රේලියාව පුරා ලැව් ගිනි 100 කට අධික සංඛ්‍යාවක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවමින් ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ. ඉන් විශාලතම ලැව් ගින්න පැතිරෙමින් ඇත්තේ සිඩිනි ප්‍රාන්තයේ නිව් සවුත්වේල්ස් හි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින ලැව් ගිනි මැඩලීමේ දායකත්වය දැක්වීම සඳහා නව වසර උදාව වෙනුවෙන් ගිනිකෙළි සංදර්ශන සඳහා වියදම් කරන මුදල් යොදවන්නැයි ඉල්ලා මිලියනයකට අධික පිරිසක් පෙත්සමක්ද අත්සන් තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.