Saturday, November 30, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිවරයාගේ නිවසේ ගින්නක් : ගිනි නිවීමේ රථ වලට ඇතුල්වෙන්න අවසර නොදෙයි 




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. ඉන්දීය බලධාරීන් පවසන්නේ විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්න ඇතිවු බවයි.

ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට අගමැතිවරයාගේ නිවසට ඇතුල්වීමට ආරක්ෂක අංශ අවසර ලබාදී නැහැ. ඒ වන විටත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ගින්න හටගෙන ඇත්තේ අගමැතිවරයාගේ නිවසේ හෝ කාර්යාලයේ නොවන බවත් එම ගින්න හටගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක ඒකකයේ පරික්ෂා කිරීම් සිදුකරන පිළිගැනීමේ කාර්යාලයේ බව ඉන්දීය අගමැති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.