පුද්ගල ඝාතනයකට වරදකරුවන් බවට පත්වු බුද්ධි අංශ නිලධාරින් 29 දෙනෙකුට මරණ දඬුවම නියමවි තිබෙනවා.
සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල්-බෂිර්ට එරෙහිව දියත් වු විරෝධතාවයේදි අහම්ඩ් අල්-කාහීර් නම් 36 හැවිරිදි ගුරුවරයාව පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක් කොට ඝාතනය කළ බවට මෙම බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව චෝදනා එල්ල වි තිබෙනවා.
සුඩාන අධිකරණය විසින් මෙම චෝදනාවට ලක්වු බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව නඩු විභාගය කොට ඔවුන්ට එරෙහිව අද මරණ දඬුවම නියම කර සිටියා.
දඬුවම නියම කරමින් අධිකරණයේ විනිසුරුවරයා විසින් ඝාතනයට ලක්වු ගුරුවරයාගේ සහෝදරයාගෙන් විමසා සිටියේ එම බුද්ධි අංශ නිලධාරින්ට සමාව දිමට කැමතිද යන්නයි. නමුත් ඔහු කියා සිටියේ තම සහෝදරයා ඝාතනය කළ බුද්ධි අංශ නිලධාරින් 29 දෙනාට මෙම මොහොතේම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙසයි.
සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල්-බෂිර් ගේ රජය ඉකුත් අප්‍රෙල් මාසයේදි පෙරලා දැමිමට විරෝධතාකරුවන් සමත් වුවා.