ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්තවල මුහුදු වෙරළ තුළ සිරවී සිටින පිරිස් මුදා ගැනිම සඳහා හමුදා සහය ලබා ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඕස්ට්‍රේලියානු හමුදාවට අයත් ගුවන් යානා සහ නෞකා මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ මලකූටා වෙරළ තීරයේ පමණක් පුද්ගලයින් 4,000 ක් පමණ සිරවී සිටිනවා.
ගොඩබිම සහ මහාමාර්ගවල ව්‍යාප්ත වී ඇති ලැව්ගිනි හේතුවෙන් බොහෝ පිරිසක් එම ප්‍රදේශ මගහැර වෙරළ තීරයට පළාගියා. ලැව්ගිනිවල ප්‍රබලත්වය හමුවේ නිව්සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල අහස රත්පැහැ ගැන්වී ඇති අතර උෂ්ණත්වය ද දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ලැව්ගිනි හමුවේ ජීවිතක්ෂට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගින්නට හසුවීම නිසා නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ පියෙකු සහ පුතෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා.