Saturday, May 4, 2024

General line - 0115112241

ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවේ නාගරික ප්‍රදේශවලටත් දැඩි බලපෑම්




ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ තවදුරටත් ලැව් ගිනි පැතිර යමින් තිබෙනවා.

නාගරික ප‍්‍රදේශවලටද ව්‍යාප්තවීම නිසා මෙම ලැව්ගිනිවලින් ජන ජීවිතයටද අවහිරතා සිදුව තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මේ වනවිට නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. මරණ 8ක්ද වාර්තා වන බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ.

ලැව්ගිනි හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලයින් කොටුවී සිටිනවා. එලෙස කොටුවූ ඇතැම් පුද්ගලයින්ට ජලය ද නොමැති වී තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.