Sunday, April 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි වෙනුවෙන් පැය 48ක් තුළ ඩොලර් මිලියන 13ක් සෙවූ නළුවා 




ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පවතින ලැව්ගිනි තත්වය පාලනය සඳහා එක් පුද්ගලයෙකු විසින් පැය 48 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 13 ක ආධාර එක්රැස් කළ පුවතක් වාර්තා වනවා. 

ඕස්ට්‍රේලියානු ප්‍රහසන නළුවෙකු වන සෙලෙස්ට් බාබර් නම් ඔහු ඉකුත් සිකුරාදා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් මෙලෙස ආධාර ඉල්ලා තිබුණා. එහිදී ඔහු සඳහන් කර තිබුණේ හැකි ඕනෑම ආකාරයකින් ඕනෑම උපකාරයක් කිරීමට ඉදිරිපත් වන ලෙසයි. නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි තත්වය ඉතා භයානක බව ද ඔහු එමගින් ප්‍රකාශ කර තිබුණා. 

ඔහුගේ මෙම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනුයි පැය 48 ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 13 ක ආධාර ලැබී ඇත්තේ.