Tuesday, April 30, 2024

General line - 0115112241

ජෝකර් චරිතයට පණ පෙවූ 'ජොකීන්' ලොව හොඳම සිනමා නළුවා වෙයි




ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ ජෝකර් චිත‍්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබෙනවා.

ඒ, මේ වනවිට පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදීයි. 77 වන වරට මෙම සම්මාන උළල අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙනවා.

එහිදී හොඳම චිත‍්‍රපටය ලෙස 1917 සම්මාන දිනාගත් අතර හොඳම ප‍්‍රහසන චිත‍්‍රපටය ලෙස ‘‘වන්ස් අප් ඔන් අ ටයිම් ඉන් හොලිවුඞ්’’ සම්මාන දිනා ගත්තා.

ලොව ප‍්‍රකට නළු Leonardo DiCaprio සමග එහි රගපෑ ලෝක ප‍්‍රකට Brad Pitt හොඳම සහය නළුවායි.