Saturday, May 4, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබඳ සංවාදයකුත් රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුවෙන් මතු වෙයි




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක, පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ විමර්ශන පිළිබඳව එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසන හඬපටයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.   

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වූ සමයේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අනතුරු ඇගවීමේ ලිපි සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් මෙම දුරකතන සංවාදයේදී ඔවුන් දෙදෙනා අතර මෙවැනි සංවාදයක් ඇති වී තිබෙනවා. 

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ෂංක සේනාධිපති සමග ඉකුත්දා සිදු වූ දුරකතන සංවාදය සම්බන්ධයෙන්ද මෙහිදී රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා සහ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර අතර ඇති වූ සංවාදයක් ද මේ වන විට මීට අදාළව සංසරණය වෙනවා.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රූගත කිරීමක් අතරතුර එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකරට ලබා ගත් දුරකතන ඇමතුමක හඬපටයද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.