Sunday, May 5, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක හඬ පට ගැන පරීක්ෂණ ඇරඹේ




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සිදුකළ බව කියන දුරකතන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පරීක්ෂණය සිදුකරන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයයි. ආන්දෝලනාත්මක හඬපට සහ එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මෙහි අරමුණයි. 

පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයක් මේ වනවිට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

මෙම සිද්ධිය පදනම් කරගනිමින් ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීමටයි ජාතික පොලිස් කොමිසම ඊයේ (07) පියවර ගත්තේ. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සති 02 ක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසටයි වැඩබලන පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම නියෝග කළේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හට විදෙස් ගමන් තහනමක් පැනවීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණය හමුවේ අද (08) කරුණු වාර්තා කළා.