Saturday, April 20, 2024

General line - 0115112241

තායිලන්ත රජුගේ ආරාධනයෙන් වැඩම කළ නෙල්ලිගල ධාතුන් වහන්සේලා යළි දිවයිනට  (PHOTOS)




නෙත් එෆ් එම් සංවිධානය කරනු ලබන "නේත්‍රාභි වන්දනා" ධාතු නමස්කාර පිංකමේදී නෙත් ශ්‍රාවකයින් වැඳ පුදා ගන්නා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශාක්‍ය සිංහ සුගන්ද කුටියේ වැඩ හිදිනා බුදු රාජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ, සර්වඥ ධාතුන් වහන්සේ ඇතුළු මහ රහත් ධාතුන් වහන්සේලා පසුගිය දෙසැම්බර් 15 වෙනිදා සිට ජනවාරි මස 15 වෙනිදා දක්වා තායිලන්ත රජුගේ ආරධානාවක් අනුව එරට රට වැසියන්ට දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා.

එම මහා පිංකම නිම කිරීමෙන් අනතුරුව එම ධාතුන් වහන්සේලා ප්‍රමුඛ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින්ද්‍රයන්වහන්සේ යලි ඊයේ (16) සවස දිවයිනට වැඩම කරනු ලැබුවා.