Saturday, April 27, 2024

General line - 0115112241

කැපුම් තුවාල සහිත පොලිස් නිලධාරියෙකුගේ මළසිරුරක් හමු වේ




වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ කැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (06) උදෑසන පොලීසියට ලද නිර්ණාමික දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම සිරුර සොයාගෙන තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බවට අනාවරණය වී තිබෙනවා.