Monday, April 29, 2024

General line - 0115112241

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ් 




මහාධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතු සහ විනිසුරුවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි මස 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා

ඉදිරිපත් වී ඇති කරුණු අනුව අධිකරණයේ පවතින වෙනත් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වන ආකාරයට විත්තිකරු කටයුතු කර ඇති නිසා ඇප මත මුදාහරිනු ලැබුවහොත් නැවත එම වැරැද්ද සිදු කළ හැකි බවට පෙනී යන නිසා ඇප ප්‍රතික්ෂේප කරන බව විනිසුරු විනිසුරු ධම්මික ගනේපොල මහතා අවධාරණය කරන ලදී.

මෙම  සිද්ධියට අදාළව අද දින නීතිපතිවරයා චෝදනා පත්‍රයක් අජිත් ප්‍රසන්න වෙත ඉදිරිපත් කළ අතර එම චෝදනාවන් වලට තමා නිවැරැදිකරු බව පවසා සිටියා.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව පවතින නඩුවක් ඇතුළු තවත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් මොහු මාධ්‍ය හමුවලදී විවෙච්නයට ලක්කර ඇති බව නීතිපතිවරයා චෝදනා කර සිටියි .  

මෙම නඩුවේ ඉදිරියෙදී විභාගයට ගන්නා බවත් ඒ අනුව පෙබරවාරි මස 19 දා කැදවීමේ දිනයක් ලෙසට යළි කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.