Monday, April 29, 2024

General line - 0115112241

සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති ඉන්දියාවට




සිව් දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත් වුවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.

මෙම මස 11 වැනිදා දක්වා දින 4ක කාලයක් අගමැතිවරයා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ.  මෙම සංචාරය අතරතුර අගමැතිවරයා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සංචාරය අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධගයාව, සාරානාත් සහ තිරුපති යන ආගමික ස්ථාන වෙත යෑමද සැලසුම් කර ඇතැයි අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.