Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනාව යුරෝපයෙන් පළමු බිල්ල ගනියි




නව කොරෝනා වෛරසය වැළදුණු චීන ජාතිකයෙක් මිය ගිය බව ප්‍රංශය නිවේදනය කර සිටිනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ආසියාවෙන් පිටත වන වාර්තා වන පළමු මරණය වන්නේ මෙයයි.

මේ අතර ජපානයේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ තවත් පුද්ගලයින් 67 දෙනෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වන විට නෞකාවේ සිටින පුද්ගලයින් 286  දෙනෙකුට වෛරසය වැළදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සංචාරකයින් සහ සේවකයින් 3600ක් පමණ සිටින අතර ඉන් 428 දෙනෙක් අමෙරිකානු ජාතිකයින් වනවා.

මෙම නෞකාවේ සිටින කොරෝනා වෛරසයට ගොදුරු නොවූ අමෙරිකානු ජාතිකයින් ඉන් ඉවත් කර ගැනීම සඳහා අමෙරිකානු රජය වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.