Monday, April 29, 2024

General line - 0115112241

"කෝවිඩ් 19" මරණ 1666 ක් වෙයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,666 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (15) දිනයේ පමණක් වාර්තා වූ කොරෝනා පුද්ගල මරණ සංඛ්‍යාව 139 ක්. කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයවූවන් ගණනද 69,036 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

ඊයේ දිනයේ පමණක් හඳුනා ගැණුනු ආසාදිතයින් සංඛ්‍යාව 1,800 කට අධිකයි. 

මේ අතර ආසියාවෙන් පිටත පළමු කොරෝනා මරණය ඊයේ ප‍්‍රංශයෙන් වාර්තා වුණා. යුරෝපායෙන් වාර්තා වූ පළමු කොරෝනා මරණය ද මෙයයි.

එලෙස මියගොස් තිබුණේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ප‍්‍රංශයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි චීන ජාතිකයෙක්.  චීනය ද ඇතුළුව රටවල් 30 ක පමණ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිතයින් හමුවී තිබෙනවා.