Sunday, May 5, 2024

General line - 0115112241

රැකියා ලබාදීමේදී උපාධිධාරීන්ට හානිවන තීන්දු රැසක් : ජවිපෙන් රජයට චෝදනා




උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලේදී වත්මන් රජය එම උපාධිධාරීන්ට හානිදායක දැඩි තීන්දු රැසක් ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. උපාධිධාරීන්ට මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මෙලෙස අදහස් පළ කළා.

තමන් මෙම ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් ද යොමු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ.

වත්මන් රජය ආරම්භ කර ඇති උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේදී ඔවුන්ගේ දේශපාලන මතවාද පිළිබඳ අවධානය යොමු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.