Thursday, May 9, 2024

General line - 0115112241

උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්




උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර, මැදවච්චිය දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් දුම්රිය ගේට්ටුකරුවන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් පන් දහසක දීමනාවක් ඉල්ලා ඔවුන් ආරම්භ කළ දින 4 ක වර්ජනයට සමගාමීව මෙම උද්ඝෝෂණය සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගල්කිස්ස සිට යාපනය බලා ධාවනය වන සීග‍්‍රගාමී දුම්රිය සහ තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය මැදවච්චිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ නතර කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.