Saturday, November 30, 2024

General line - 0115112241

උණුසුම් සටනකින් පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට පරදී




පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී උණුසුම් සටනකින් පසු ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදීයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 6 ක් දැවී ලකුණු 122 ක් ලබාගත්තා. නායිකා චමරි අතපත්තු පන්දු 38 කදී ලකුණු 50 යි. පන්දුවාර විස්සයි විස්ස තරගවලදී ඇය ලබාගත් දෙවන අර්ධ ශතකයද මෙය වනවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුළු 3 ලකුණු 10ක් තුළ බිද දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. කෙසේවෙතත් 4 වන කඩුල්ල සදහා ගොඩනැගූ ලකුණු 95 ක සබදතාවකින් ඕස්ට්‍රේලියානු ඉනිම යළි සවිමත් වූ අතර ලකුණු 123 ක් ලබාගනිමින් ඔවුන් තරගය ජය ගත්තේ අවසන් පන්දුවාරයේ 3 වන පන්දුවේදීයි. ඒ වනවිට ඔවුන්ගේ කඩුළු 5 ක් ද බිද වැටී තිබුණා. 

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එදින ඉන්දියාව සමග තරග වැදීමට නියමිතව සිටිනවා.