Wednesday, April 24, 2024

General line - 0115112241

නීලගිරි මහ සෑ බිමෙන් ඉපැරණි කරඬුවක් සහ පහනක් හමුවෙයි




අම්පාර ලාහුගල ප‍්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ පිහිිටා තිබෙන නිලගිරි මහා සෑයේ කැණිම් වලින් චෛත්‍යයේ උතුරු දෙසින් කරඬුවක් සහ මැටි පහනක් හමුව තිතිබෙනවා.

සංරක්ෂණ කටයුතු කිරීමෙිදි ඉපැරණි බැම්මක තිබු කුහරයක් තුලින් මෙම කරඬුව සහ මැටි පහන දැකගත හැකිවු බව නැගෙනහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පැවසුවා.

එම කරඩුව තිබු ස්ථානයේම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරිපිට මුදාා තබා ඇත.

දැනට වසර දෙකකට පමණ පෙර නිලගිරි මහා සෑයේ කැණිමි කටයුතු කළ අතර එම කැණිම් වලදි සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළුව පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් හමුවු බව නිලගිරි පුරාණ රජමහා විහාරාධිපති හුලංනුගේ රතනසාර හිමියන් පැවසිය.

මෙලෙස හමුවු පුරා වස්තු බොහොමයක් ආරක්ෂාවට යැයි පවසමින් කොළඹ පුරා විද්‍යා ප‍්‍රධාන කාර්යාලයට ගෙන ගියත් පසුව සමහර ධාතුන් වහන්සේලා වෙනත් විහාරස්ථාන වලට පුජා කර ඇති බවද රතනසාර හිමියන් පවසනවා. මෙලෙස ධාතුන් වහන්සේලා වෙනත් විහාර වලට පුජා කිරිමෙිදි නිලගිරි විහාරාධිපති හිමියන් හැටියට තමන් දැනුවත් නොකළ බවද පැවසිය.

Neelagiri Maha Seya www.nethnews.lk0002 Neelagiri Maha Seya www.nethnews.lk0001 Neelagiri Maha Seya www.nethnews.lk0006 Neelagiri Maha Seya www.nethnews.lk0007